ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2024 – 2025 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල පසුගිය 21 වැනිදා මධ්‍යම රාත්‍රියේ නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍ය ජාලා හරහා සංසරණය වන පුවත සාවද්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
විභාග දෙපාර්තමේන්තුව මගින් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කර ඇති පරිදි අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමක් පෙරේදා සිදුකර නැති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේත