ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ද රෙසිස්ටන්ස් ෆරන්ට් සංවිධානය හෙවත් ටී.ආර්.එෆ් සංවිධානය භාරගත් බව අමෙරිකාව පවසනවා.
අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සදහන් කළේ, එම සංවිධානය විදේශීය මෙන්ම ගෝලීය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කළ බවයි.
මෙම පියවර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට සහ වින්දිතයින්ට යුක්තිය සහතික කිරීමට ට්‍රම්ප් පරිපාලනයේ කැපවීම පිළිබිඹු කරන බවයි රාජ්‍ය ලේකම්වරයා සදහන් කළේ.
මේ අතර ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් පැවසුවේ ත්‍රස්තවාදය, බෙදුම්වාදය සහ අන්තවාදයට එරෙහිව දැඩි ස්ථාවරයක් අවශ්‍ය බවයි.
පසුගිය අප්‍රේල් 22 වැනිදා ජම්මු සහ කාශ්මීර් හි පහල්ගම් ප්‍රදේශයට ත්‍රස්ථ ප්‍රහාරය එල්ල වුණා. එම ප්‍රහාරයෙන් මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 26 ක්.
ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව හා පාකිස්ථානය අතර යුධමය තත්ත්වයක් උත්ගත වුණා.
ඒ, පාකිස්ථානය එම ප්‍රහාරයට සම්බන්ධ බවට ඉන්දියාව චෝදනා කිරීම හේතුවෙන්.
කෙසේ වෙතත් පාකිස්ථානය එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.