ජාතික ජන බලවේග රජයේ පළමු අයවැය සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේදීයි.
අද පෙරවරු 10.30 ට ජනාධිපතිවරයා විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අයවැය විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ජනවාරි 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවට අයවැය කතාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට අදාළ විවාදය හෙට සිට මාර්ත= 25 දක්වා පැවැත්වීමටයි නියමිතයි.
25 වන දින පස්වරුවේ අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදු කෙරෙනු ඇතිි.
අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය මේ මස 27 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
අයවැය අවසන් ඡන්ද විමසීම පැවැත්වෙන්නේ මාර්ත= 21 වැනිදා පස්වරු 6 ටයි.