16 හැවිරිදි දැරියක් අතුරුදන් වී ඇති බවට කන්දෙනුවර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
අදාළ දැරිය පසුගිය දෙසැම්බර් 06 වනදා සිට අතුරුදන්ව ඇති අතර ඇයගේ මිත්තණිය විසින් පැමිණිල්ලක් සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.
අතුරුදන් වූ දැරිය කොණ්ඩය දිගට වවා ඇති අතර ඇය උස අඩි 05ක් පමණ තලෙළු කෙට්ටු සිරුර සහිත දැරියක් වන බව සඳහන්.
ඇය අවසන් වරට ක්‍රීම් පාට කොට කලිසමක් හා කලු පැහැති මල් සහිත සුදු පැහැ ටීෂර්ටයක් හැඳ සිට තිබෙනවා.
අතුරුදන් වූ දැරියගේ නම ඉඩම්ගෙදර තරුෂි චම්පිකා වන අතර ඇය වයස අවුරුදු 16ක දැරියක්.
එම දැරිය අංක 85, කන්දෙනුවර, අල්වත්ත ලිපිනයේ පදිංචිව සිට තිබෙනවා.
අතුරුදන් වු අදාළ දැරිය සම්බන්ධයෙන් වැඩි විස්තරයක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසයි පොලීසිය සඳහන් කරන්නේ.
ස්ථානාධිපති කන්දෙනුවර :- 071 – 8592943
පොලිස් ස්ථානය කන්දෙනුවර :- 066-3060954