බලංගොඩ මැදබැද්ද බෝගහපට්ටිය රක්ෂිතයේ වගා කර තිබූ අක්කරයකට ආසන්න කංසා හේනක් බලංගොඩ සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලදාරීන් විසින් අද(13) පස්වරුවේ වටලා තිබෙනවා.
එහිදී සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය කියා සිටියේ රක්ෂිතය හෙළිපෙහෙළි කර මෙම කංසා වගාව පවත්වාගෙන ගොස් ඇති බවයි.
වගා කර තිබූ කංසා උදුරා ගිනි තබා විනාශ කිරීමට නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.