ලංකා ගමනා ගමන මණ්ඩලය සහ පෞද්ගලික අංශයේ දුර ගමන් සේවා බස් රථ ඒකාබද්ධ කාල සටහනක් යටතේ ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් රථ අංගනයේ සිට එම ගමන්වාර ආරම්භ කරන බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ චන්ද්‍රපාල මහතා සදහන් කළේ.
එමෙන්ම මෙහිදී පැය හතරහමාරක ධාවන කාලයකින් පසුව බස් රථ රියදුරාට නිශ්චිත ස්ථානයකදී විවේක ගැනීම සඳහා ප්‍රතිපාදන සලසන බව ද ඔහු සදහන් කළා.
තවද බස් රථයේ ගමන් ගන්නා මගීන් සඳහා සෞඛ්‍යාරක්ෂිතව ආපන ශාලාවක ආහාර පහසුකම් සැලසෙන්නේද යන්න පිළිබඳවද මෙහිදී නිරන්තර නියාමනයකට ලක්වන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.