
බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වයට මෙම පද්ධතියේ බලපෑම අද සිට ක්‍රමයෙන් අඩු වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ. බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල අදත් වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලි මීටර 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවටයි එම නිවේදනයේ සඳහන් වන්නේ.














