
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පලාත් සඳහා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, එම ප්‍රදේශ වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථාන වලට මි. මී 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. මෙම තත්ත්වය හෙට පෙ.ව 07 දක්වා බලපැවැත්වෙනු ඇති.














