ගනේමුල්ල, ඉඹුල්ගොඩ, අමුණුගොඩ ප්‍රදේශයේ දෙමහල් නිවසකට පසුගිය 11 වනදා එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායමක් තුනක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.
වෙඩි ප්‍රහාරයෙන් දෙමහල් නිවසේ ඉහළ මහලේ ජනේලයකට සහ ආරක්ෂිත යකඩ වැටට අලාභ හානි සිදුව ඇති අතර තුවාල හෝ ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවයි පොලිසිය පවසන්නේ.
වෙඩි ප්‍රහාරයට ලක්වූ නිවසේ හිමිකරු ඩුබායිහි වීසා නිලධාරියෙකු ලෙසට සේවය කරන බවද පොලිසිය කියා සිටියා.
ඔහු විසින් සංවිධානාත්මක අපරාධකරුවන්ට වීසා සැකසීමේදී ඇති වූ එකඟතාවයකට එරෙහිවීම මත මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට විමර්ශනවලදී අනාවරණ වූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පැති කිහිපයක් ඔස්සේ විමර්ශනය සඳහා කණ්ඩායමක් තුනක් සමගින් ඉදිරි විමර්ශන සිදු කරන බවද පොලිසිය පවසනවා.