මත්ද්‍රව්‍ය තොගයක් රැගත් නෞකාවකට ඇමරිකානු නාවික හමුදාව ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා.
නෞකාව කැරිබියන් මුහුදේ ගමන් කරමින් සිටියදීයි මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ.
එහිදී තුන්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත පුද්ගලයින් බවට හඳුනාගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඇමෙරිකාව විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව එල්ල කළ තුන්වන මාරාන්තික ප්‍රහාරය මෙය ලෙසයි සැලකෙන්නේ.