අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
මාතර, වැල්ලමඩම ප්‍රදේශයේ මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරීන් විසින් අදාළ මෝටර් රථය නවත්වන ලෙසට සංඥා කර තිබෙනවා.
එහෙත් එම අණ නොතකා මෝටර් රථය ධාවනය කර ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් මෝටර් රථයට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබෙනවා.
නොනවත්වා ධාවනය වූ මෝටර් රථය මාතර ජනරාජ මාවතේ අතහැර දමා ගොස් තිබියදී සොයා ගැනුණා.
වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී මෝටර් රථයේ පුද්ගලයන් දෙදෙනෙකු ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෝටර් රථයේ හිමිකරු හඳුනාගෙන ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති ඇති බවත් පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මාතර මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදර කරනු ලබනවා.