ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් සඳහා ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
නව විදුලි බල පනතට අනුව, සමාගමකට අනුයක්ත වීමට අකැමති සේවකයින් සදහායි මෙම විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කර ඇත්තේ.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් 2025 ශ්‍රී ලංකා විදුලි බල ස්වේච්ඡා විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයේ නියම සහ කොන්දේසි නියෝග යනුවෙන් ඊට අදාළ නියෝගය නිකුත් කර ඇති බවයි සදහන් වන්නේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ නව පනතේ ප්‍රතිපාදනවලට අනුව විදුලිබල මණ්ඩලය සමාගම් 4කට ප්‍රතිව්‍යුහගත කර තිබෙනවා.
එමෙන්ම එහි සියලු සේවකයින් අදාළ සමාගම් 4ට අනුයුක්ත කරමින් ලිපි නිකුත් කර ඇති බවයි සදහන් වන්නේ
අදාළ අනුප්‍රාප්තික සමාගමට අනුයක්ත වීමට අකමැත්ත පල කරන සේවකයින් සඳහා ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම යාම සඳහා හිමිකම් ලැබෙන බවයි බලශක්ති අමාත්‍යංශය සඳහන් කලේ.
ඊට අදාළ දැනුම් දීම මාස දෙකක් ඇතුළත සිදුකළ යුතු අතර සේවා නියුක්තිකයෙකු විසින් ඊට අදාළ ආකෘති පත්‍රය පුරවා සිය අයදුම් පත්‍රය මඟින් අදාළ දැනුම් දීම සිදුකළ යුතුව තිබෙනවා.