
ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ 120 වැනි ජන්ම දින සමරුව අද පැවැත්වෙනවා ඒ කොළඹ 07 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවනාගාරයේදීයි. පස්වරු 2 ට ආරම්භ කිරීමට නියමිත මෙම සමරු වැඩසටහන නම් කර ඇත්තේ ජේ.ආර් ආණ්ඩු කරණය සහ මැද මාවත ලෙසයි. එක්සත් ජාතික පක්ෂයේ නායක , හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරු මෙම සමරු වැඩසටහන සදහා පමිනිමිට නියමිතව තිබෙනවා . මේ සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර,සභාපති කබීර් හෂීම් ,භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් සහභාගී වීමට නියමිතයි . එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,මහලේකම් තලතා අතුකෝරළ, සභාපති වජිර අබේවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම්, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.














