2025 ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ අවසන් තරගය පැවැත්වෙනවා . ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි.
මේ වන විටත් ශ්‍රී ලංකාවට මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට ඇති අවස්තාව අහිමි වී තිබෙනවා.
ඒ, තරගාවලියේ සුපිරි හතර වටය යටතේ පැවති පාකිස්තානයට හා බංගලාදේශයට එරෙහි තරග පරාජයට පත් වීම හේතුවෙන්.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අද පැවැත්වෙන තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. මෙරට වේලාවෙන් රාත්‍රී 08.00 ට තරගය ආරම්භ වනවා.
දෙරට අතර මේ දක්වා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 31 ක් පවත්වා ඇති අතර ඉන් 21 ක ජය තහවුරු කරගෙන ඇත්තේ ඉන්දියාවයි. ශ්‍රී ලංකාව තරග 09 ක් පමණක් ජය ගැනීමට සමත්ව තිබෙනවා.
එමෙන්ම මේ දක්වා දෙරට අතර ආසියානු කුසලාන වලදී තරග 23 ක් පවත්වා ඇති අතර ඉන් 12 ක් ජය වාර්තා කිරීමට සමත්ව ඇත්තේ ද ඉන්දියාවයි .
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවද තරග 11 ක් ජය ගැනීමට සමත්ව තිබෙනවා.