ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පතල් කම්කරුවන් 18 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අනතුරින් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවද එම මාධ්‍ය වාර්තා කලා.
පිපිරීමෙන් පසු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු පතල තුළ සිරවී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් ගලවා ගැනීම සඳහා මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මකයි.














