ඊශ්‍රායල් ආරක්ෂක ඒජන්සිය හරහා ලද තොරතුරු පදනම් කර ගනිමන් උතුරු ගාසා තීරයේ හමාස් ත්‍රස්තවාදී ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ගොඩබිම් මෙහෙයුම්වල නිරතව සිටින ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ගෙන් ලද තොරතුරු මත පදනම් කර ගනිමින් ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ප්‍රහාරක ජෙට් යානා ත්‍රස්ත ඉලක්ක වෙත අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ගොඩනැගිල්ලක වහළය මත සහ ඊට ආසන්න ප්‍රදේශයේ උමගක් තුළ සිටි හමාස් ත්‍රස්තවාදීන් පිරිසක් ඉලක්ක කරමින් ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
එහිදී හමාස් ත්‍රස්තවාදීන් සැඟව සිටින ස්ථාන සම්බන්ධයෙන් සහ උමං මාර්ග තොතුරු ලබාගෙන ඇත්තේද පාබල මෙහෙයුම්වල නිරතව සිටින ඊශ්‍රායල යුද හමුදාව වෙතිනි.
අදාළ ප්‍රදේශවලින් වෙඩි තැබීම් හඳුනා ගැනීමෙන් අනතුරුව ඊශ්‍රායල යුද හමුදාව සහ ආරක්ෂක ඒජන්සිය ඒකාබද්ධ බුද්ධි තොරතුරු අනුව ත්‍රස්තවාදීන්ගේ අණ සහ පාලන මධ්‍යස්ථානයකට පහරදීමක් සිදු කර තිබෙනවා.
එහිදී භට පිරිස් විසින් ත්‍රස්තවාදීන් පිරිසක් සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් ත්‍රස්තවාදීන් මරා දමා ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.
එසේම ත්‍රස්තවාදීන්ට අයත් ද්‍රව්‍ය සහ අවි ආයුධ ත්‍රස්තවාදීන්ගේ උමං මාර්ගවල තිබී භට පිරිස් විසින් සොයා ගත් බවයි ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ.













