ඇමෙරිකාවේ, ඇලස්කා ප්‍රාන්තයේ ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබු බව විදෙස් වාර්තාවල දැක්වුණා. රික්ටර් මාපකයේ ඒකක 7.3 ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ඇලස්කා ප්‍රාන්ත වෙරළබඩ කලාපයට සුනාමි අනතුරු ඇඟවීම් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා. ඇලස්කාවේ, සැන්ඩ් පොයින්ට් දූපත් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 87 ක් දුරින් සහ කිලෝමීටර් 20 ක් ගැඹුරින් භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













