දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝර යාය ප්‍රදේශයේදී අද අලුයම සිදු වූ මාරක බස් අනතුරෙන් තුවාල සිදු වූ පුද්ගලයින් සිව්දෙනෙකු තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.
අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගිය අතර, තුවාල ලැබූ 34 දෙනෙක් ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.
අද අලුයම 5.10ට පමණ මෙම මාරක රිය අනතුරක් සිදුව තිබුණේ දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදීයි.
කඳුරුවෙල සිට කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් තෝරයාය ප්‍රදේශයේදී නවතා තිබීයදී ඊට පිටුපසින් පැමිණි තවත් පෞද්ගලික බස් රථයක් එහි ගැටී තිබෙනවා.
එම බස් රථය මාදුරුඔය සිට කොළඹ දක්වා අධික වේගයෙන් ධාවනය කරමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.