Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අඹේවෙළ සහ නානුඔය දුම්රිය ස්ථාන අතර ප්‍රතිසංස්කරණ කඩිනම් කෙරේ

    2026-02-17

    නීති විරෝධී දුම්වැටි 12000ක් අත්අඩංගුවට

    2026-02-17

    කෝපායිහිදී පුද්ගල ඝාතනයක්

    2026-02-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අඹේවෙළ සහ නානුඔය දුම්රිය ස්ථාන අතර ප්‍රතිසංස්කරණ කඩිනම් කෙරේ
    • නීති විරෝධී දුම්වැටි 12000ක් අත්අඩංගුවට
    • කෝපායිහිදී පුද්ගල ඝාතනයක්
    • පළාත් පහකට වැසි තත්ත්වයේ වැඩිවීමක්
    • T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග
    • පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට
    • මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට
    • ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කළුතර සංවර්ධනය වෙනුවෙන් රුපියල් කෝටි 100 ක්

    කළුතර සංවර්ධනය වෙනුවෙන් රුපියල් කෝටි 100 ක්

    2025-06-21කියවීමට මිනිත්තු 3ක් ගතවේ.140 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කළුතර දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරි මාස කිහිපය තුළ රුපියල් කෝටි 100 ක් වැය කිරීමට වත්මන් රජය කටයුතු කරන බවත් ඉන් කෝටි 20 ක් දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතු වැඩිදියුණු කිරීමට වෙන් කර ඇති බවත්, මෙවර විමධ්‍යගත අරමුදලින් ඉටු කිරීම සඳහා රුපියල් ලක්ෂ 1260 ක වටිනාකමින් යුතු ව්‍යාපෘති 84 ක් ද දිස්ත්‍රික්කය සඳහා යෝජනා වී ඇති බවත් එම ව්‍යාපෘති ද කඩිනමින් ක්‍රියාත්මක කිරීමට  කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” තේමාව මුලික කරගත් ජාතික ජනබලවේගය රජයේ “පුනරුද යුගයක ඇරඹුම” ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ පුනරුදයට මඟ කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පළමු වැඩ ඇරඹුම සනිටුහන් කරමින් රුපියල් මිලියන 21 ක වියදමකින් කුඩා වස්කඩුව සමගිපුර (නයිදුව) ප්‍රධාන මාර්ගය කාපට් ඇතිරීම වැඩ ආරම්භ කරන  උත්සව අවස්ථාවට අද (21) පෙරවරුවේ එක්වෙමිණි.

    මාර්ග සංවර්ධන අධිකාරියේ පුර්ණ අධීක්ෂණය යටතේ දීප ව්‍යාප්තව මෙම මාර්ග සංවර්ධන වැඩපිළිවෙල අද දින ආරම්භ කිරීමට රජය පියවර ගෙන ඇත.

    මෙරට බදු ගෙවන ජනතාව විසින් භාණ්ඩාගාරයට යවන සෑම බදු මුදලක් ම නැවත පෙරලා ජනතා සේවයට යොමු කිරීම තම රජයේ ඒකායන බලාපොරොත්තුව බව අවධාරණය කළ අමාත්‍යවරයා භාණ්ඩාගාරයට යවන අන්තිම රුපියල දක්වා පිළිවෙලකට, සැලසුමකට, කාර්යක්ෂමව, දුෂණයෙන් තොරව ජනතා සුභසිද්ධිය වෙනුවෙන් වියදම් කරන බව පැවසී ය. ඉදිරි කාලයේ දී දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන් සහ මහජනතාව යන ත්‍රිත්වයේ ම  ඒකාබද්ධතාවයෙන් මෙරට සංවර්ධන කටයුතු සිදු කිරීමට කටයුතු කරන බවත් ජනතාව විසින් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට යොමු කරන ජනතා සංවර්ධන ඉල්ලීම් ප්‍රමුඛතා ගත කොට ඉදිරි වසර තුන තුළ දී  ඉටු කිරීමට බලාපොරොත්තු වන බව  ද පැවසී ය.

    ජනාධිපතිවරයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා එකම ප්‍රතිපත්තියක හිඳ වැඩ කටයුතු කිරීමේ දී සංවර්ධන කටයුතු සිදු කිරීමට පහසු බව අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදී. ගිලිහෙමින් යන බලයට තිබෙන කෑදර කමට එහෙන් මෙහෙන් පිරිස් සම්බන්ධකර ගනිමින් ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා වල බලය ගොඩනගා ගැනීමට විපක්ෂ කණ්ඩායම් උත්සාහ ගන්නා බවත් නමුත් බලය අඛණ්ඩව පවත්වා ගෙන යාමේ දුෂ්කරතාවය ඔවුන් තේරුම් ගත යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය. එමෙන් ම ඔවුන්ගේ එකම බලාපොරොත්තුව බලය අල්ලා ගැනීම පමණක් බවත් එයින් අගතියක් වන්නේ මෙරට සමාන්‍ය ජනතාවට බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

    ශ්‍රී ලංකාව තුළ වේගවත් සංවර්ධනයක් අත්කර ගත යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා එම සංවර්ධනය සිදු කිරීමේ දී  දිවා රෑ නොතකා එකම අධිෂ්ඨානයකින්, එකම අරමුණකින් සියලු දෙනා කටයුතු කළ යුතු බව ද මෙහි දී වැඩිදුරටත් පැවසී ය.

    මෙම අවස්ථාවට පූජ්‍ය පිළියන්දල සීලරතන හිමි ඇතුළු මහා සංඝරත්නය, කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපති අරුණ ප්‍රසාද් චන්ද්‍රෙස්කර, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්මකුමාර, ප්‍රාදේශීය  සභා මන්ත්‍රී සුමිත් ලසන්ත, කළුතර දිස්ත්‍රික් ලේකම් ජනක කේ රණවක, මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු ලසිත ලියනගේ මහතා ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, ප්‍රාදේශීය  සභා මන්ත්‍රිවරුන් ගම්වාසින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    පෙර පුව​තඅල්ලස් ගත් පොලිස් සැරයන්වරුන් දෙන්නෙක් මාට්ටු
    ඊළඟ පුව​ත ඉරාණයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් අණාවරණයක්

    සබැ​ඳි පුවත්

    අඹේවෙළ සහ නානුඔය දුම්රිය ස්ථාන අතර ප්‍රතිසංස්කරණ කඩිනම් කෙරේ

    නීති විරෝධී දුම්වැටි 12000ක් අත්අඩංගුවට

    කෝපායිහිදී පුද්ගල ඝාතනයක්

    පළාත් පහකට වැසි තත්ත්වයේ වැඩිවීමක්

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    අඹේවෙළ සහ නානුඔය දුම්රිය ස්ථාන අතර ප්‍රතිසංස්කරණ කඩිනම් කෙරේ

    2026-02-17

    නීති විරෝධී දුම්වැටි 12000ක් අත්අඩංගුවට

    2026-02-17

    කෝපායිහිදී පුද්ගල ඝාතනයක්

    2026-02-17

    පළාත් පහකට වැසි තත්ත්වයේ වැඩිවීමක්

    2026-02-17
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    2026-02-17

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group