දේශීය අර්තාපල් සහ බී ලූනු වගා ගොවීන්ට සාධාරණයක් ඉල්ලා, නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් සහ එළවළු වගා ගොවීන් එක්ව අද දින ආර්ථික මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම වසා දමමින් රජයට සිය බලවත් විරෝධය පළ කරනවා.
දේශීය වෙළෙඳපොළේ ඉල්ලුමට සරිලන පරිදි දේශීය අර්තාපල් සහ බී ලූනු තොග ප්‍රමාණවත් ලෙස පවතිද්දී රජය විසින් අසාධාරණ ලෙස එම භෝග ආනයනය කිරීම සහ ඒ සඳහා ප්‍රමාණවත් බදු මුදල් අය නොකිරීම මෙම විරෝධතාවයට ප්‍රධාන හේතුව බව ගොවීන් පවසනවා.
විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ, ආනයනික භාණ්ඩ මත පනවා ඇති අඩු බදු හේතුවෙන් දේශීය ගොවීන්ට තම අස්වැන්න නිෂ්පාදන වියදමවත් ආවරණය වන පරිදි අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.
මෙම තත්ත්වය දේශීය ගොවියාගේ ජීවනෝපායට සහ වගා අනාගතයට දැඩි තර්ජනයක් වී ඇති බව විරෝධතාවය දක්වන පිරිස් අවධාරණය කරනවා.
විරෝධතාවයේ ප්‍රතිඵලයක් ලෙස අද දින එළවළු තොග කොළඹ ඇතුළු දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලට ප්‍රවාහනය නොකිරීමට ද ව්‍යාපාරිකයන් සහ ගොවීන් පියවර ගෙන තිබෙනවා.













