කෘෂිකර්මල වාරිමාර්ග හා ඉඩම් ක්ෂේත්‍රයට අදාල කාර්යන් ඩිජිටල්කරණය කිරීමට කටයුතු කරන බව ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය පවසනවා.
නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කළේ ඒ පිළිබඳව මූලික සාකච්ඡාවක් ඊයේ පැවති බවයි.
අදාල කේෂ්ත්‍රයන්හි තොරතුරු දත්ත පද්ධතියක් තුළට ඇතුළත් කිරිම මේ යටතේ සිදු කෙරෙනවා.
මෙම වැඩපිළිවෙළත් සමග එළෙඹෙන වසර අවසානය වනවිට නව ව්‍යාපෘති ආරම්භ කිරිමට හැකියාව පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
එම ව්‍යාපෘති අතර නව වාරි ව්‍යාපෘති 10ක් ගොවින්ට රක්ෂණාවරණයක් ඉඩම් කැබලි 500 ලබාදීම ඇතුළු නව ව්‍යාපෘති 25 ක් ඇතුළත්.