අඹගමුව හා නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලට අයත් ගම්මාන කිහිපයකම සැරසරණ රිලා රංචු හේතුවෙන් එම ගම්මානවල ගම්වාසීන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව තිබෙනවා.
හැබ්බෑකන්දු, හිටිගේගම, ඇල්ලඋඩ, පේරගොල්ල, පේරගහාමුල, ඇබර්ඩින්, ලකම්, බදුපොළ, බලංතොට යන ප්‍රදේශයෙන් තුළ මෙම රිලා රංචු වැඩි වශයෙන් සැරිසරන බවත් එම තත්ත්වයන් මත තමන් විවිධ දුෂ්කරත්වයන්ට පත්ව ඇති බව එම ප්‍රදේශවල බොහෝ පිරිසක් පවසනවා.
මෙම තත්ත්වයන් පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන එම පිරිස් පවසන්නේ තම ප්‍රදේශවල සැරිසරණ රිලා රංචු තම නිවෙස්වලට පැන නිවෙස්වල දමා ඇති දොර ජනෙල් තිර රෙදි ඇතුළු විවිධ දේ විනාශ කරන බවයි.
එමෙන්ම නිවෙස්වල කුස්සි තුළ උයා ඇති බත් වෑංජන මුට්ටි පිටින් ඔසවා ගෙන යන බවත් එයට අමතරව තමන් ඉතාමත් දුකසේ වගා කරන බව බෝග විනාශ කිරීමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි ආර්ථික ප්‍රශ්නවලටද තමන්ට මුහුණදීමට සිදුව ඇති බවත්ය.
මෙම තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කර මෙම රිලා රංචු අල්ලා වෙනත් වනාන්තරවලට රැගෙන යාමට අදාළ නිලධාරීන් පියවර ගන්නේ නම් එය තමන්ට කරන විශාල සහනයක් බවද එම පිරිස් වැඩිදුරටත් පවසති.