ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් හෙට සංකේත වැඩ වර්ජනයක නිරත වීමට නියමිතව තිබෙනවා.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සම සභාපති මංගල දබරේරා මහතා මේ බව පැවසුවේ අද කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින්.
ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේ විශ්වවිද්‍යාල 17 ක මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරෙන බවයි.
මෙම වුත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් විශ්ව විද්‍යාල කටයුතුවලට බාධා ඇතිවීමට හැකියාව පවතින බවයි විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සදහන් කළේ.
තම වෘත්තිය ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය වරියට මීට පෙර දැනුම් දුන්න ද කිසිදු සාකච්ඡාවක් ලබාදී නොමැති බව මංගල දබරේරා මහතා සදහන් කළා .
ඔහු පවසන්නේ හෙට දිනයේදී වැඩ වර්ජනයෙන් සාධාරණයක් ඉෂ්ට නොවුනොත් ඉදිරියේදී දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇති බවයි.