
අධිකරණ තීන්දු ප්‍රමාද වීම හේතුවෙන් විභාග වෙමින් පවතින නඩුවලට අදාළ සැකකරුවන් පිරිස සීඝ්‍රයෙන් ඉහළ යාම මත පාකිස්ථානයේ බන්ධනාගාර තුළ දැඩි තදබදයක් නිර්මාණය වී තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ එරට පිහිටි බන්ධනාගාරවල රඳවා තැබිය හැකි උපරිම රැඳවියන් සංඛ්‍යාව 64,000ක් පමණ වුවද, මේ වන විට රට පුරා පිහිටි බන්ධනාගාරවල රැඳවියන් එක ලක්ෂ දස දහසකට ආසන්න සංඛ්‍යාවක් රඳවා සිටින බවයි. පාකිස්ථානයේ වැඩිම බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, පන්ජාබ් ප්‍රාන්තයෙන් වන අතර, එහි පිහිටි බන්ධනාගාර 45 තුළ දැනට රැඳවියන් හැත්තෑ දහසක් පසුවනවා.














