කුරුණෑගල – මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාසනයේ දී ඩක්කුවක් කඩා වැටීමෙන් අපවත් වූ මෙරට භික්ෂුන් වහන්සේලා සිව්නමගේ අවසන් කටයුතු අද සිදුකෙරෙනවා.
රජයේ ඉල්ලීම පරිදි අපවත් වූ භික්ෂුන් වහන්සේලාගේ දේහ භූමදානය කිරීමටයි තීරණය කර ඇත්තේ.
එමෙන්ම, අනතුරින් අපවත් වූ ඉන්දීය සහ රුමේනියානු ජාතික භික්ෂුන් වහන්සේ දෙනමගේ දේහ අද උන් වහන්සේලාගේ මව් රට වෙත වැඩම කිරීමට නියමිතයි.
එමෙන්ම රුසියානු ජාතික භික්ෂුවගේ දේහය ඉදිරි දිනකදී සිය මව් රට වෙත වැඩම කරවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අපවත්වූ භික්ෂූන් වහන්සේ සිව්නමකගේ දේහ මැල්සිරිපුර සිට නාඋයන ආරණ්‍ය සේනාසනය වෙත ඊයේ පෙරවරුවේ වැඩම කරවනු ලැබුවා.
අනතුරින් තුවාල ලැබු භික්ෂූන් වහන්සේ දෙනමක් මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
කෙසේවෙතත් මෙම හදිසි අනතුරින් අපවත් වූ භික්ෂූන් වහන්සේලාට සංවේගය පළ කිරීම සදහා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ සභාවේ සියලුම විහාරස්ථානවල කහකොඩි ප්‍රදර්ශනය කරන්න ලෙසට ඉල්ලීමක් කර තිබෙනවා.