වැලි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් හතලිස් දහසක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.
ඒ අනුව සැකකරු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියම කළා.
පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයාගේ දියණිය මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බවත් එය විශේෂ කරුණක් සේ සළකා සැකකරු ඇප මත මුදාහරින ලෙසත් ඉල්ලා සිටියා.
සැකකරු සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදුකරන බැවින් එම ඇප ඉල්ලීමට විරුද්ධ වන බව අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළා.