
මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි සැකකරුවෙක් සහ ඊට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු හා සැකකාරියක් හෙරොයින් කිලෝග්‍රෑම් 11 ග්‍රෑම් 69 ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06 ග්‍රෑම් 90ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටි සැකකරුවෙකුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින්. මෙලෙස, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිවල, ඇඹිලිපිටිය හා වෑගොව්ව යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 24 , 31 සහ 27 හැවිරිදි වියේ පසුවූවන් බවයි වාර්තා වන්නේ.














