ඉදිරි පැය 48 තුළ කැළණි ගඟ ද්‍රෝණියට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ අනුව, ඇහැළියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කැළණිය, වත්තල සහ කොළඹ ඇතුළු කැළණි ගං නිම්නයේ පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවටයි සඳහන් වෙන්නේ.
මෙම ප්‍රදේශවල ජීවත් වන ජනතාව ජීවිත සහ දේපළ ආරක්ෂා කරගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන ලෙසත්, මෙම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් සහ මගීන් ඉතාමත් කල්පනාකාරී වන ලෙසත් ඉල්ලා සිටිනවා.













