ජාතික ජනබලවේගයේ කොළඹ මහනගර සභා මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා .
ජාතික ජනබලවේගයේ කොළඹ මහනගර සභා මන්ත්‍රි කණ්ඩායම දිවුරුම් දීම සිදු කෙරුණේ බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදීයි.
නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල , කණ්ඩායම් නායිකා ව්‍රායි කැලී බල්තසාර් යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක්ව තිබුණා.
මෙහිදී අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ තම කණ්ඩායමට කොළඹ නගරය සංවර්ධනය කිරීමේ දැක්මක් පවතින බවයි.