පොත් අලෙවිය සියයට 30 කින් පමණ අඩු වී ඇති බව ශ්රී ලංකා පොත් ප්රකාශකයන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් දිනේෂ් කුලතුංග මහතා සඳහන් කලේ පොත් සදහා වැට් බැදු පැනවීම හේතුවෙන් මෙම තත්වය උද්ගතවී ඇති බවයි.
මේ හේතුවෙන් අලුතින් පොත් ප්රකාශයට පත්වීම පහල ගොස් ඇති බව ඔහු පෙන්වා දෙනවා.
පොත් කර්මාන්තය වැට් බද්දෙන් නිදහස් කරන ලෙස පොත් ප්රකාශකයන්ගේ සංගමය ඇතුළුව තවත් සංගම් කීපයක් එකතුව ඉල්ලීමක් කරන බවද ලේකම්වරයා ප්රකාශ කළා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ.නව රජයෙන් ඉදිරිපත් කිරීමට නියමිත පළමු අයවැයට අදාළ යෝජනාව ඇතුළත් කරන ලෙසද පොත් ප්රකාශකයන්ගේ සංගමය ඉල්ලීම් කරන බවයි.