දියේ ගිලීමේ ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය පැවසුවේ වැලිමඩ, ලබුතොට ප්‍රදේශයේ උමාඔයේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 10 පසුවන ගිරාඹේ සහ මොරගොල්ල යන ප්‍රදේශවල පදිංචි ළමුන් දෙදෙනෙකු බවයි පොලිසිය කියා සිටියේ.
මියගිය ළමුන් දෙදෙනා තවත් ළමයකු සමග පාසල නිමවී නිවෙස්වලට පැමිණීමෙන් අනතුරුව උමා ඔයේ දියනෑමට ගොස් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ.
මෘත දේහයන් වැලිමඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.