තම නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව දැඩිව ක්‍රියා කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරනවා.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනය කළේ, තම කොමිසම ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරිමට සියලු දෙනා බැදී සිටින බවයි.
ඒ පිළිබඳව සියලුම අමාත්‍යංශ ලේකම්වරු , පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරු , දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් දැනුවත් කිරිමටද මානව හිමිකම් කොමිසම පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම මානව හිමිකම් කොමිෂන් සභා පනතේ නිර්දේශයේ සඳහන් කාලය තුළ එම නිර්දේශ බලාත්මක කිරීම පිණිස එම තැනැත්තන් විසින් ගන්නා හෝ ගැනිමට බලාපොරොත්තුවන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද කොමිෂන් සභාව දැනුවත් කළ යුතුයි.
කෙසේවෙතත් කොමිෂන් සභාව නිර්දේශ නිකුත් කිරිමෙන් පසු එම නිර්දේශ ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ඇතැම් නිලධාරීන් හා ආයතන ප්‍රකාශ කර ඇත්තේ ඒ පිළිබඳව අභියාචනා ඉදිරිපත් කර ඇති බැවින් නිර්දේශ ක්‍රියාත්මත කර නොමැති බවයි.