Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොටි හමුවේ සිංහයින්ට ලැබුණු ඉතිහාසගත පරාජය

    කොටි හමුවේ සිංහයින්ට ලැබුණු ඉතිහාසගත පරාජය

    2025-07-17කියවීමට මිනිත්තු 2ක් ගතවේ.44 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවට එරෙහිව පළමු වරට විස්සයි විස්ස තරගාවලියක් ජය ලබන්නට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්‍රියේදී සමත් වුණා. ඒ, ශ්‍රී ලංකාව සමඟ පැවති තුන්වැනි සහ අවසන් විස්සයි විස්ස තරගය කඩුලු 8 කින් ජය ගැනීමත් සමඟයි. කොළඹ, ආර්. ප්‍රෙමදාස ක්‍රීඩාංගණයේ දී පැවති තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඊයේ පැවති තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සිදු කරමින් තරගයට පිවිසුණා. මේ අනුව පසුගිය තරග දෙකේදී අසාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නට ඊයේ තරගය අහිමි වෙද්දී කලකට පසුව දිනේෂ් චන්දිමාල්ට සහ කමිඳු මෙන්ඩිස්ට අවස්ථාව ලබා දීම මෙහිදී සිදු වුණා. මෙහිදී ශ්‍රී ලංකා ඉනිම ඇරඹුවේ පැතුම් නිස්සංක සමඟින් කුසල් මෙන්ඩිස් විසින්. ඒ අනුව ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 6 කට දැවී ගියා. මෙම තරගයේදී යළි අසාර්ථක වූ කුසල් ජනිත් පෙරේරා ඔහු මුහුණ දුන් පළමු පන්දුවේදීම දැවී යාම කැපී පෙනෙන සිද්ධියක්. කෙසේ වෙතත් වසර තුනහාමාරකට පසුව ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වූ දිනේෂ් චන්දිමාල්ගේ ඉනිම ලකුණු 4 කට සීමා වන විට නායක චරිත් අසලංක ලකුණු 3 කට දැවී යනු ලැබුවා. මේ අතර එක් අන්තයක සිට හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක ලකුණු 46 ක් රැස් කිරීමට සමත් වුණා. කෙසේ වෙතත් කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිමට යම් ජීවයක් එක්කළ දසුන් ශානක අවසාන භාගයේදී සුපිරි පිතිහරඹයක නියැලෙමින් ශ්‍රී ලංකාවට වාසිදායක ලකුණු පුවරුවක් නිර්මාණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 7 ක් දැවී ලකුණු 132 ක් ලබා ගත්තා. දසුන් ශානක නොදැවී ලකුණු 35 යි. ලකුණු 133 ක ඉලක්කයක් හඹා යාම සඳහා බංග්ලාදේශ ඉනිම හුසේන් ඉමෝන් සහ ටැන්සිඩ් හසන් ඉනිම ආරම්භ කළා. කෙසේ වෙතත් නුවන් තුෂාර යොමු කළ පළමු පන්දුවෙන්ම හුසේන් ඉමෝන්ව දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගත්තද දෙවැනි කඩුල්ලට ලකුණු 74 ක සබඳතාවයක් ගොඩ නැගු නායක ලිටන් දාස් සහ ටැන්සිඩ් හසන් ශ්‍රි ලංකා කණ්ඩායමෙන් ජයග්‍රහණය උදුරා ගැනීමට සමත් වුණා. එහිදී ලිටන් දාස් ලකුණු 32 ක් රැස් කර ගත්තා. බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය ටැන්සිඩ් හසන් නොදැවී ලකුණු 73 ක් ලබා ගත්තා. ඒ අනුව කඩුළු 8 කින් තරගය ජය ගත් බංග්ලාදේශ කණ්ඩායම විස්සයි විස්ස තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.

    පෙර පුව​තයටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද යළි රැස් වෙය
    ඊළඟ පුව​ත බෙල්ජියමේ උත්සව වේදිකාවක ගින්නක්

    සබැ​ඳි පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group