අභිනව පාප් වහන්සේ ලෙස තේරී පත්වූ අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් පාප් වහන්සේ වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක් කර තිබෙනවා.
ඒ, සිය නිල X ගිණුමේ සටහනක් තබමින්.
ජනාධිපතිවරයා ලෝවැසී ජනතාවට මඟ පෙන්වීමට ශක්තිය ප්‍රාර්ථනා කරමින් සිය සුභ පැතුම එක් කර තිබෙනවා.
මේ අතර අභිනව පාප් වහන්සේ, ධුරයට පත් වීමෙන් අනතුරුව 14වන ලියෝ පාප්වහන්සේ ලෙස නම් කරනු ලැබුවා.
69 වන වියේ පසුවන ලියෝ පාප් වහන්සේ ලොව 267 වන පාප් වහන්සේ ලෙස තේරි පත් වුණා.
එමෙන්ම උන් වහන්සේ අමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප් වහන්සේ ලෙසින් ද ඉතිහාසයට එක්වුණි.