අද දිනයේත් දිවයින පුරා පැය එක හමාරක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.
කාණ්ඩ 4ක් යටතේ මෙම විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රී 10 දක්වා කාලය අතරතුර සිදුකෙරෙන බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන්කළේ.
ඊට අමතරව පාරිභෝගික ගිණුම් අංකය කෙටි පණිවිඩයක් මගින් 1987 ක්ෂණික දුරකථන අංකයට යැවීමෙන් ද විදුලි කප්පාදුව සිදුවන වේලාවන් පිළිබඳ දැනගත හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා.