පාකිස්ථානයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 16 දෙනෙක් යළි දිවයිනට පැමිණිමට අවසර ඉල්ලා ඇති බව වාර්තාවනවා.
ඒ ඉස්ලාමාබාද්හි සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුවයි.
ඉස්ලාමාබද්හි අධිකරණ සංකීරණයක් ඉදිරිපිට පසුගිය 11 වනදා දහවල් සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පුද්ගලයන් 12 දෙනෙක් මරණයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා.
මෙම බෝම්බ ප්‍රහාරය එල්ලවීමත් සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තර කිරීමට පාකිස්ථාන ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.
පවතින තත්ත්වය මත අද(13) දිනයේ පැවැත්වීමට නියමිත දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වීම අවිනිශ්චිත බවත් අදාළ ක්‍රීඩකයින් දිවයිනට පැමිණියහොත් තරගාවලිය අඛන්ඩව ක්‍රියාත්මක කිරීමට ආදේශක කණ්ඩායමක් යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇති බවත් වාර්තා වනවා.
කෙසේ වෙතත් දිවයිනට පැමිණෙන ක්‍රීඩකයින් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.
පාකිස්ථානයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ෆෙඩර්ල් අමාත්‍යවරයා මෙන්ම පාකිස්ථාන ක්‍රිකට් සභාපති මොහ්සින් නක්වි ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරීන් හමුවී ඔවුන්ට සම්පූර්ණ ආරක්ෂාව ලබාදෙන බවටද සහතික වී තිබෙනවා.













