රිටිගල දැඩි ස්වාභාවික රක්ෂිතයට යත් කොඩිගලකන්ද ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වූ හිමි නමක් ඇතුළු පුද්ගලයන් දස දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින්.
හිමි නමක්, කාන්තාවන් පස් දෙනෙක් ඇතුළු දස දෙනෙකේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
වනජීවි නිලධාරීන් කියා සිටියේ අත්අඩංගුවට පත් කාන්තාවන් ඇතුළු 9 දෙනා කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි.
එසේම ඔවුන්ට මග පෙන්වන ලද හිමි නම මුරියාකඩවල ප්‍රදේශයේ විහාරයක වැඩ වාසය කරනු ලබන බවයි.
සැකකාර හිමි නම මින් පෙර අවස්ථාවකදී ද නීති විරෝධීව රිටිගල දැඩි ස්වභාව රක්ෂිතයට සංචාරකයන් ගෙන යාමට උත්සාහ කර ඇති බවත් අවස්ථා කිහිපයකදී දැඩි ලෙස අවවාද කර මුදාහැර ඇති බවත් වාර්තා වනවා.
එහෙත් එම උපදෙස් නොතකා තවදුරටත් මෙලෙස සංචාරකයන් හා නීති විරෝධී අයුරින් රිටිගල දැඩි ස්වභාව රක්ෂිතයට ඇතුළු කිරීමට කටයුතු කර තිබූ බවත් වනජීවි නිලධාරීන් පවසනවා.
දැඩි සංවේදී පරිසර කලාපයක් වන රිටිගල දැඩි ස්වභාව රක්ෂිතයට සාමාන්‍ය ජනයාට ඇතුළු වීම නීතියෙන් තහනම් කර ඇති රක්ෂිත ප්‍රදේශයකි.