එළඹෙන සැප්තැම්බර් මස 01 වනදා සිට චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ඉන්ඩිගෝ සමාගම පවසනවා.
එම ගුවන් සමාගම මේ වනවිට චෙන්නායි සිට කොළඹ දක්වා ගුවන් ගමන් සිදුකරන අතර, ඔවුන්ගේ නව සැළසුම වී ඇත්තේ දිනපතා යාපනය දක්වා ද සිය ගුවන් ගමන් වාර ක්රියාත්මක කිරීමයි.
ඉන්දීය සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණීම නිසා මෙම තීරණය ගෙන ඇති බව සදහන්.