23 වන ආසියානූ ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව
නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමස්ථ තරගාවලියේ අනු
ශූරතාවය දිනා තිබෙනවා.
ඒ පදක්කම් 139 ක් දිනා ගනිමින්.
මෙම තරගාවලිය ආසියානූ කළාපයේ රටවල් 22 ක තරගකරුවන් 4,000
කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඉකුත් 5 වැනිදා සිට 9 වැනිදා
දක්වා පැවැත්වුනා.
ඒ ඉන්දියාවේ චෙන්නායි නුවර ජවහර්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී යි.
මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වයස අවුරුදු 35 සිට
අවුරුදු 90 දක්වා වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 224 දෙනෙකු සහභාගීත්වය ලබා
දුන්නා.
ඔවුන් රන් පදක්කම් 40 ක් , රිදී පදක්කම් 54 ක් සහ ලෝකඩ පදක්කම් 45
ක් දිනා ගැනීමටයි සමත්ව ඇත්තේ.
උණුසුම් පුවත්
- ආන්දෝලනාත්මක ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් නිදහස් !
- 06 වසරට සිසුන් ඇතුළත් කිරීමේ කාලය දීර්ඝ කරයි
- නීති විරෝධී බීඩි කොළ සහ පළිබෝධනාශක තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
- විපක්ෂ නායක කාර්යාලයේ ආපදා තොරතුරු මධ්‍යස්ථානයක්
- ට්‍රම්ප්ගෙන් යුරෝපා නායකයින්ට චෝදනා
- වාරී පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය ඇරඹෙයි
- පොලිස් මෙහෙයුම්වලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 996ක් හසුවෙයි
- ‘බුද්ධශාසන සභාව’ රැස්වෙයි













