ශ්‍රී ලංකාවේ නැව් කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් ප්‍රංශ රජයේ සහාය ලබාදීමට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පොරොන්දු වී තිබෙනවා.
ප්‍රංශ ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය අතරතුර පැවැති කෙටි හමුවේදී මෙම පොරොන්දුව ලබාදී ඇති බව සදහන් .
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මේ සම්බන්ධයෙන් ජනපති මැක්‍රොන් දැනුම්වත් කිරීමෙන් පසු ප්‍රංශ ජනාධිපතිවරයා මෙම එකඟතාවය පළ කර තිබෙනවා.
නැව් කර්මාන්තයෙන් ලෝකයේ තුන්වන ස්ථානයට හිමිකම් කියන ප්‍රංශය එරට සමාගම්වල සහාය මෙරටට ලබාදෙන බව ද සදහන් කර තිබෙනවා .
උණුසුම් පුවත්
- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි













