
සැප්තැම්බර් 25වන දින රාත්‍රී 12සිට සැප්තැම්බර් 27වන දින සවස 6වන තෙක් පොල්ගොල්ල ජලාශය හිස් කිරීමට බලාපොරොත්තු වන බව ජල කලමණාකරන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පවසනවා. ඒ, එල්නිනෝ නිසා ශ්‍රී ලංකාවට වියහැකි බලපෑම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ජලාශයේ ගේට්ටුවල අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස දින 2හමාරක වැනි කාලයක් ජලාශය හිස් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු සඳහන් කළේ.














