රුපියල් මිලියන 21කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලාංකික පුද්ගලයෙකු රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු විසින් තායිලන්තයේ බැංකොක් නුවර සිට ඉන්දියාවේ චෙන්නායි හරහා මෙරට පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.
ඔහු සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 2.7කට ආසන්න තොගයක්ද එහිදි රේගු නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයෙක්
සැකකරු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගේ ගමන් මලු තුළ සඟවා මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන විත් තිබෙනවා.










