සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් කඩුළු 06ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 255ක් රැස් කළා.
එහිදී ජනිත් ලියනගේ ලකුණු 67ක් සහ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ශොරිෆුල් ඉස්ලාම්, ටස්කින් අහමඩ් සහ ටන්සිම් හසන් ශකීබ් කඩුළු 03 බැගින් බිඳහෙළුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 4ක් අවසානයේ කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 257ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නජ්මුල් හුසේන් ශන්ටෝ පන්දු 129දී නොදැවී ලකුණු 122ක් සහ මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 73ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී දිල්ෂාන් මදුෂංක ලකුණු 44ට කඩුළු 2ක් බිඳහෙළුවා.
නජ්මුල් හුසේන් ශන්ටෝ තරඟයේ වීරයා සම්මානය හිමි කර ගැනීමට සමත් වුණා.
උණුසුම් පුවත්
- ගම්පහ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට
- බස් රථයක් පෙරළී 14ක් රෝහලට
- හක්ගල මල් වත්ත යළි විවෘත කෙරේ
- ශ්‍රී ලාංකිකයෙක් ජපානයේදී අත්අඩංගුවට
- හික්කඩුව නගර සභා අයවැය තෙවැනිවරටත් පරාදයි
- අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරට ලක්වෙයි
- දෙස් විදෙස් සංචාරකයන්ගෙන් අඹේවෙල ස්ටේෂම පිරෙයි
- පුත්තලම් යන්න ගිය ලොරිය අඩි 40ක් පල්ලමට යයි













