ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුවක් මහනුවරදී පවත්වා තිබුණා.
ඒ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් .
මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල අපනයනකරුවන් එක් කරමින් ප්‍රාදේශීය අපනයන හැකියාවන් වර්ධනය කිරීම සහ ජාතික අපනයන උපායමාර්ගය සඳහා අවශ්‍ය සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණින් මෙම සමුළුව පැවැත්වුණා.
“කලාපීය අපනයනකරුවන්ගේ සංසදයක් පිහිටුවීම” ද මෙහිදී සිදුවුණා.
මෙමගින් ග්‍රාමීය නිෂ්පාදකයින්ට ජාත්‍යන්තර වෙළඳපොළ සම්බන්ධතා ලබාදීම, සැපයුම් දාම සංවර්ධනය කිරීම සහ වඩා සමානාත්මක අපනයන පද්ධතියක් පිහිටුවීම ප්‍රධාන අරමුණ වනවා.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සදහන් කළේ , අපනයනකරුවන් මුහුණ දෙන ගැටළු සඳහා ක්‍රමානුකූලව විසඳුම් ලබා දෙන බවයිත
ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට සියළුම මැදිහත්වීම් සිදු කරන බවද අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් සදහන් කළා..
උණුසුම් පුවත්
- බ්ලූ අයිලන්ඩ්ස් වසා දමයි
- ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්
- ජපන් චිත්‍රපට චීනයේ තිරගත කිරීම තාවකාලිකව අත්හිටුවයි
- ත්‍රිකුණාමල සිද්ධිය ගැන ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්
- අමෙරිකාවේ ගුවන්ගමන් සීමා ඉවතට
- ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කළුබෝවිල අභාවප්‍රාප්ත වෙයි
- අලි රංචුවක් පැරණිගම යංඔය කුඹුරු වනසයි
- පාසල් දරුවන් සඳහා වසරක වගකීමක් සහිතව පාවහන් ලබාදීමට කර්මාන්තකරුවන්ට අවස්ථාව…













