ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහ නාහිමිවරුන් වහන්සේලා බැහැ දැක තිබෙනවා.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරෙහැර මංගල්‍යයේ කටයුතු සඳහා සහභාගිවීමට මහනුවරට පැමිණ සිටි ජනාධිපතිවරයා අද(09) පස්වරුවේ මහ නාහිමිවරුන් බැහැ දැක තිබෙනවා.
මල්වතු මහා විහාරයට පළමුවෙන්ම ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු මහ නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගෙන කෙටි පිළිසදරකද නිරතව තිබෙනවා.
අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත ජනාධිපතිවරයා පැමිණ තිබෙනවා.
එහිදී අස්ගිරි පාර්ශ්වයේ මහ නායක හිමියන්ගේ සුවදුක් විමසින් කෙටි පිළිසදරකට එක්ව තිබෙනවා.