ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා .
අද (23) පස්වරු 4 සිට හෙට (24) පස්වරු 4 දක්වා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ .
අනතුරු ඇඟවීම් මට්ටම 1 ලෙස බදුල්ල දිස්ත්‍රික්කය හල්දුම්මුල්ල, පස්සර කොළඹ දිස්ත්‍රික්කය සීතාවක , පාදුක්ක ගාල්ල දිස්ත්‍රික්කය නෙළුව , යක්කලමුල්ල කළුතර දිස්ත්‍රික්කය ඉංගිරිය , හොරණ , පාලින්දනුවර , බුලතිසිංහලමහනුවර දිස්ත්‍රික්කය දෙල්තොට , දොළුව , උඩුනුවර , උඩපලාත, පාතදුම්බර , පාතහේවාහැට , ගග ඉහල කෝරළය , පස්බාගෙ කෝරළය යන ප්‍රදේශ සඳහා නායයාම් අනතුරු නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කය රුවන්වැල්ල , වරකාපොල , බුලත්කොහුපිටිය , ගලිගමුව කුරුණෑගල දිස්ත්‍රික්කය රිදීගම ,අලව්ව , නාරම්මල, මල්ලවපිටිය
මාතලේ දිස්ත්‍රික්කය රත්තොට , යටවත්ත , උකුවෙල , පල්ලෙපොල , ලග්ගල ,නාඋල ,අඹන්ගග කෝරළය මාතර දිස්ත්‍රික්කය වැලිපිටිය සහ නුවරඑළිය දිස්ත්‍රික්කය අඹගමුව , හගුරන්කෙත , වලපනේ රත්නපුර දිස්ත්‍රික්කය ඉඹුල්පෙ , කිරිඇල්ල , කුරුවිට , අයගම යන ප්‍රදේශ සඳහන්.
අනතුරු ඇඟවීම් මට්ටම 2 ලෙස ගාල්ල දිස්ත්‍රික්කය නාගොඩ ,ඇල්පිටිය , බදදේගම කළුතර දිස්ත්‍රික්කය වලල්ලාවිට,මහනුවර දිස්ත්‍රික්කය යටිනුවර, උඩුදුම්බර කෑගල්ල දිස්ත්‍රික්කය කෑගල්ල , මාවනැල්ල , යටියන්තොට , අරණායක , දෙහිඹ්විට, රඹුක්කන සහ රත්නපුර දිස්ත්‍රික්කය කලවාන, ඇහැළියගොඩ , රත්නපුර යන ප්‍රදේශයන් සඳහා නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.













