හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍යයට හුරු වූ ගැහැනු දරුවන් පිරිසක් ගැන මාවතගම ප්‍රදේශයෙන් කරුණු අනාවරණය වී ඇති බව මාවතගම පොලිසිය පවසනවා.
මාවතගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට හුරු වූ ගැහැනු ළමයකු පිළිබඳ මාවතගම පොලිසිය විසින් සිදු කරන ලද පරීක්ෂණයේ දී ඇගේ පෙම්වතා මත්ලෝලියෙකු බවත් ඔහු විසින් ඇයට හෙරොයින්, අයිස් වැනි මත්ද්‍රව්‍ය ගැනීමට හුරු කර ඇති බවත් හෙළිව තිබෙනවා.
ඇය අපොස උසස් පෙළ හදාරා ඇති සිසුවයක් බවත් පොලිසිය පවසනවා.
මත්ලෝලි පෙම්වතා අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
මාවතගම පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ දෙමාපියන් පිරිමි දරුවන් ගැන මෙන්ම දැන් ගැහැනු දරුවන් සම්බන්ධයෙන්ද දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.