මෙරට රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලවන ලෙස සෞඛ්‍ය ප්‍රතිපත්තියක් මේ වන විට සකස් කරමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා .
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා නවක සෞඛ්‍ය වෘත්තිකයින් 309ක් සඳහා පත්වීමේ ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් .
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි වසර 10ට සරිලන ලෙස සියලු අංශ ආවරණය වන ආකාරයට සුවපත් රටක් උදෙසා මෙම සෞඛ්‍ය ප්‍රතිපත්ති කෙටුම්පත සකස් කරන බවයි .
ඒ අනුව විශේෂයෙන්ම බෝ නොවන රෝග පාලනය, ප්‍රතිකාර කිරීම, මානසික සෞඛ්‍ය පෝෂණය වැනි ක්ෂේත්‍ර සඳහාද වැඩි අවධානයක් යොමු කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා .
එමෙන්ම මෙයට සමගාමීව උපාය මාර්ගික සැලසුම්ද සකස් කරමින් සිටින බවත් පැවසූ අමාත්‍යවරයා මෙම වර්ෂය අවසන් වීමට පෙර එම කටයුතු අවසන් කිරීමට හැකිවෙනු ඇති බවයි අවධාරණය කළෙ
	උණුසුම් පුවත්
	
				- ෂි ජින් පිං සහ ට්‍රම්ප් හමුවෙයි
- වැල්ලවාය මහේස්ත්රාත්වරයාගේ වැඩ තහනම්
- ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව රැස්වෙයි
- ළමුන්ගේ උග්‍ර මන්දපෝෂණය තත්වයේ අඩුවක්
- ශ්‍රී ලංකා රේගුවේ ආදායම ට්‍රිලියන 02 ඉක්මවයි
- විදුලිසැර වැදී කාන්තාවක් මරුට
- යාපනය සරසවියෙන් ටී 56 මැගසීන් දෙකක් සොයා ගැනේ
- පොලිතීන් බෑග් නොමිලේ ලබා දීම හෙට සිට තහනම්





 


 






 
								