වසර 32 කට පසු ජාතික තරුණ සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසනවා.
ඒ අනුව එම සමුළුව හෙට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.
මෙම සමුළුව සඳහා තරුණ තරුණියන් 6,000කට අධික පිරිසක් සහභාගීවන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ .
මේ අතර හෙට පැවැත්වෙන යූත් ක්ලබ් ජාතික සම්මේලනයේ දී නව නිලධාරි මණ්ඩලය හඳුන්වාදීමට කටයුතු කරනු ඇති.
මේ වන විට දිවයින පුරා පිහිටි ග්‍රාම සේවා වසම් 14,002කින් ග්‍රාමසේවා වසම් 12,700කට වැඩි ප්‍රමාණයක යූත් ක්ලබ් පිහිටුවා අවසන් බවයි තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසුවේ .