නානුඔය රදැල්ල සමර්සෙට් වතුයායේ කොටස් පහක පදිංචි වතුරු කම්කරුවන්ගේ දූ දරුවන් විසින් වැඩිහිටියන්ට ආදර්ශමත් ක්‍රියාවක අද(06) දින නිරතව තිබෙනවා.
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේ ගමන් ගන්නා ඇතැම් දේශීය සංචාරකයන් සහ එම මාර්ගයේ බස් රථවල ගමන් ගන්නා මගීන් මාර්ගය දෙපස බැහැර කරන ලද අපද්‍රව්‍ය එක්රැස් කර එම මාර්ගය පිරිසිදු කිරීමේ කටයුත්තක් එම දරුවන් විසින් සිදු කර තිබෙනවා.
සමර්සෙට් වතුයායේ තේ කර්මාන්ත ශාලාවේ සිට කිලෝමීටර් දෙකක කඳු මුදුනේ පිහිටි නානුඔය මංසන්ධිය දක්වා පිරිසිදු කිරීම සිදු කර ඇති බවයි වී නිව්ස් වාර්තා කරු පවසන්නේ.
පිරිසිදු කිරීමේ කටයුත්තේ යෙදී සිටි ළමුන් විසින් මාර්ගය දෙපසට කැළි කසළ බැහැර නොකරන ලෙසට හඬ නගමින් එම සත්කාරය සිදු කරනු ලැබුවා.
රදැල්ල කෙටි මාර්ගයේ පිරිසිදු කිරීමේ වැඩසටහන සංවිධානය කළ එම වතු යායේ වතු වෛද්‍ය අධිකාරි ප්‍රදීප් පෙරේරා මහතා කියා සිටියේ ලෝක ළමා දිනයේදී වැඩිහිටියන් විසින් ළමුන්ව සැමරුවද තම වතුයායේ දරුවන් විසින් වැඩිහිටියන්ට ආදර්ශයක් වන කටයුත්තක නියැලීම අගය කළ යුතු කරුණක් බවයි.